17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඉදිරි දශකය තුළ රැකියා මිලියන 2ක් නිර්මාණය කිරීමට නාමල් කැපවෙයි



හොරු ඇල්ලීමේ සටන් පාඨය තම රජය යටතේ දේශපාලන වේදිකාවල නැවත සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

මාතලේ ප්‍රදේශයේ පැවති මැතිවරණ රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනාගත පරපුර වෙනුවෙන් අනාගත ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ගෝලීය ගිවිසුම් ඇති කර ගැනීම වැදගත් බවයි.

එමෙන්ම තොරතුරු තාක්‍ෂණය, නිෂ්පාදන, සේවා සහ විදේශ රැකියා වැනි ක්ෂේත්‍රවල ඉදිරි දශකය තුළ රැකියා මිලියන 2ක් නිර්මාණය කිරීමට කැපවී සිටින බවද ඔහු එහිදී කියා සිටියා.

 
(colombotimes.lk)