බංගලාදේශයට එරෙහිව පැවති 3වන T20 තරගය ලකුණු 133කින් ජයග්‍රහණය කිරීමට ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී 297ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා.
එහිදී සංජු සැම්සන් ලකුණු 111ක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 75ක් රැස් කළා.
T20 ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.
ඒ අනුව පන්දු 120ක් තුළ ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 164ක් පමණයි.
බංගලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක මහමදුල්ලා ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර T20 තරගයද මෙය වනවා.
කෙසේ වෙතත් ඔහුට මෙම තරගයේදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 8ක් පමණයි.
(colombotimes.lk)