02 January 2026

logo

PAK Vs ENG - Test | දෙවන තරගයෙන් බාබර් ඉවතට



එංගලන්තයට එරෙහිව පැවත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පාකිස්ථාන කණ්ඩායමේ බාබර් අසාම් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවති පළමු තරගය පාකිස්ථානය පරාජය වීමෙන් පසු ලාහෝර්හීදී රැස් වූ නව තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කාලයක සිට බාබර් අසාම් ලකුණු අතරට නොපැමිණීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

(colombotimes.lk)