2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ ඊයේ (14) පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 54කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
පාකිස්ථානය මෙම තරගය පරාජය වීමත් සමඟ ඉන්දීය කණ්ඩායමටද මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.
මෙම තරගය පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළේ නම් ඉන්දීය කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 110ක් රැස් කළා.
කෙසේ වෙතත් පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 11යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 56ක් පමණයි.
ඒ අනුව මෙම ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට 'A' කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
(colombotimes.lk)