15 February 2026

logo

ප්‍රභාත් ICC ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට



නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.    

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානක් ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු nathan lyon සමඟ 7වන ස්ථානයේ සමතැන් ගෙන රැදී සිටිනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය සහ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින්.

ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය jasprit bumrah හිමි කරගෙන තිබෙනවා.

එමෙන්ම එහි දෙවන ස්ථානයේ රැදී සිටින්නේ ravichandran ashwin.

මේ අතර අසිත ප්‍රනාන්දු මෙම ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

(colombotimes.lk)