11 January 2026

logo

පූර්ව මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම් ඉහළට



ජනාධිපතිවරණයට අදාළව රජයේ දේපළ අවභාවිතා කිරීම් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ නිරීක්ෂක සංවිධානය පවසනවා.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම්, ප්‍රචාරණ ව්‍යාපාර තීව්‍ර කිරීම් වැනි සිදුවීම් නිරීක්ෂණය වන බවයි.  

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1066ක් බව පැෆ්රල් සංවිධානය පවසනවා.

(colombotimes.lk)