15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතුඑළි



මධ්‍යම - නැගෙනහිර සහ අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබෙනවා.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින හා නාවික යාත්‍රාවලට දැනුම් දී තිබෙන්නේ එම දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

එම අඩු පීඩන කලාපය හෙට (22) පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා (23) සුළි කුණාටු තත්ත්වයක් දක්වාත් වර්ධනය විය හැකියි.

එමෙන්ම අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)