03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs ENG - Test | පළමු ටෙස්ට් තරගයේදී මිකී විමතියට පත් වෙයි



එංගලන්ත සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විමතියට පත් වී තිබෙනවා.

සමාජ මාධ්‍යවල අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පැවති ආබාධ තත්ත්වයක් හේතුවෙන් දිගු කලකට පසු එංගලන්තයට එරෙහි ටෙස්ට් සංචිතය සඳහා පැතුම් නිස්සංකව කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා පැතුම්ව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර නොගත්තේ බොහෝ දෙනා විමතියට පත් කරමින්.

(colombotimes.lk)