සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන 3වන සහ අවසන් ටෙස්ට් තරගය හෙට (06) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්රිකට් ක්රීඩාංගණයේදීයි.
2වන තරගය සඳහා ක්රීඩා කිරීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා.
එම කණ්ඩායම නම් කර තිබෙන්නේ දෙවන ටෙස්ට් කණ්ඩායම සමඟ සැසඳීමේදී වෙනස්කම් 2ක් සිදු කරමින්.
ඒ අනුව දෙවන තරගයේ ක්රීඩා කළ නිශාන් මධුෂ්ක සහ ප්රභාත් ජයසූරිය එම තරගයේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් වෙනුවට පළමු ටෙස්ට් තාරගයේදී ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්රනාන්දු නැවතත් කණ්ඩායමට කැඳවීමට නියමිතයි.