සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 3වන සහ අවසන් ටෙස්ට් තරගය අද (06) පස්වරු 03.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්රිකට් ක්රීඩාංගණයේදීයි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඕවල් ක්රීඩාංගණයේ ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ වසර 26කින් වීම විශේෂත්වයක්.
1998 වසරේ ඕවල් ක්රීඩාංගණයේ පැවැති එම ටෙස්ට් තරගයේ ජය ශ්රී ලංකාව සතු වුණා.
ශ්රී ලංකා කණ්ඩායම අද ආරම්භ වන තරගයට ක්රීඩා කරන්නේ කණ්ඩායමේ වෙනස්කම් 2ක්ද සමඟින්.
ඒ අනුව 2වන ටෙස්ට් තරගයේ ක්රීඩා කළ ප්රභාත් ජයසූරිය සහ නිශාන් මධුෂ්ක මෙම තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් වෙනුවට කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්රනාන්දු මෙම තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩා කිරීමට නියමිතයි.
තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2 - 0ක් ලෙස එංගලන්තය ජයග්රහණය කර තිබෙනවා.
(colombotimes.lk)