18 October 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs IND - 01st ODI | කලකට පසු සිංහයන් ක්‍රියාත්මක වෙයි - සටන ජය පැරදුමෙන් තොරව අවසන්



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (02) පැවති පළමු එක්දින තරගය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් රැස් කර ගත්තා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 56ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 67ක් රැස් කළා.  

ඒ අනුව ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට ද පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 230ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට (04) පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)