15 February 2026

logo

SL Vs IND - 2nd ODI | සිංහයන් නැවතත් වැඩ පෙන්වයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 32කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 208ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 06ක් සහ චරිත් අසලංක කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් වුණා.   

(colombotimes.lk)