11 July 2025

logo

SL Vs IND 3rd T20 | සුපිරි පන්දුවාරයෙන් සිංහයන්ගේ නම්බුව ගිලිහෙයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අවසන් T20 තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 137ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කළා.

ඒ අනුව කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගයේ ජය තීරණය කිරීමට සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 2ක් පමණයි.

ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවෙන්ම තරගයේ ජය තමන් සතු කරගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 3 - 0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

(colombotimes.lk)