07 July 2025

logo

SL Vs IND - 03rd ODI | අවිශ්කට ශතකය ගිලිහෙයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා.

මේ වන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්වුණා.

නමුත් ඔහු ශතකයට ලකුණු 4ක් අවශ්‍යව තිබූ මොහොතක අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ අනුව ඔහු මෙම තරගයේදී ලකුණු 96ක් රැස් කරගත්තා.

(colombotimes.lk)