ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
තරගාවලියේ පළමු තරගය 18 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ගාල්ල ක්‍රීඩාංගණයේ දොරටු අංක 4 හරහා ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබෙන බවයි.
(colombotimes.lk)