කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 2වන T20 තරගය ලකුණු 73කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී සිය 12 වන T20 අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 54ක් රැස් කළා.
ඒ අනුව තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු එකක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 89ක් පමණයි.
පන්දු යැවීමේදී මංගල තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 9කට කඩුලු 3ක් ලබා ගත්තා.
එමෙන්ම මහීෂ්, චරිත් සහ වනිදු කඩුලු 2 බැගින් බිඳ දැමීමට සමත් වුණා.
(colombotimes.lk)