01 November 2025

logo
INTERNATIONAL
POLITICAL


සනත් ජයසූරියගේ පුහුණුකාර ධූරය තව දිගුවෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියට එම ධූරයේ සේවා දිගුවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේදී ද ඔහු අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (09) ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පසුබිමකයි. 

(colombotimes.lk)