03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට



ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව එම තනතුරට පත්කර තිබෙන බවයි.

වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කළ පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන තිබෙනවා.

(colombotimes.lk)