11 August 2025

logo

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයාට දිවි අහිමි වෙයි



හමාස් සංවිධානයේ ප්‍රධාන පෙළේ නායක ඉස්මයිල් හනියා මීට සුළු මොහොතකට පෙර ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඔහු ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත පැමිණ තිබෙන තිබෙන බවයි.

එහිදී හමාස් ප්‍රධානියා රැඳී සිටි ස්ථානයට එකවර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු එම ස්ථානයේදීම මියගිය බව ඉරාන ආරක්ෂක අංශය පවසනවා. 

(colombotimes.lk)