11 August 2025

logo

ගාසා තීරයේ ළමුන් අතර දරුණු චර්ම රෝගයක්



ගාසා තීරයේ කුඩා ළමුන් අතර ඉතා දරුණු චර්ම රෝගයක් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පාද සහ දෑත්වල සුදු සහ රතු ලප හටගෙන ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් ගාසාහි සරණාගත භූමිවල රැඳී සිටින 150,000කට අධික පිරිසකට චර්ම රෝග හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)