29 January 2026

logo

ශාරුක් ඛාන්ගේ රුව රන් කාසියක සටහන් වෙයි



පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් ශාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක් ඔහුට පිරිනමා තිබෙනවා.

එමෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චෙක් ජනරජය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවලද ඔහුගේ රුව ඉටිවලින් අඹා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව 77වන ලෝකාර්නෝ සිනමා උළෙලේදී ශාරුක් ඛාන්ට ගෞරවනීය සම්මානයක් පිරිනැමීමටද නියමිතව තිබෙනවා.  

(colombotimes.lk)