01 January 2026

logo

ශිකර් ධවාන් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

සිය 'x' ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව නිවේදනය කළා.

ඔහු අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 2022 වසරේ බංගලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියකදීයි.

ජාත්‍යන්තර තරග 269කට ක්‍රීඩා කර ඇති ඔහු වාර්තා කර ඇති ශතක සංඛ්‍යාව 24ක්.

(colombotimes.lk)