දිවයිනේ බොහෝ පළාත්වල සවස 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.
මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පවතින තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)