15 February 2026

logo

අනුන්ගේ පහනින් ශ්‍රී ලංකා ටෙස්ට් පිළ ඉදිරියට



ICC නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ හිමි කරගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වී තිබෙනවා.

එමෙන්ම එහි 2වන ස්ථානයේ ඉන්දියාවත් 3වන ස්ථානයේ එංගලන්තයටත් 4වන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් රැඳී සිටිනවා.

මේ අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට හැකි වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින්නේ 6වන ස්ථානයේයි.

(colombotimes.lk)