05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පහළට



ICC කාන්තා T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (15) නිවේදනය කළා.

ඒ අනුව එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ම පසුබැස තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉනෝශි ප්‍රනාන්දු 22 වන ස්ථානයට පත්ව තිබෙන්නේ ස්ථාන 7ක් පසුබසිමින්.

මේ අතර උදේශිකා ප්‍රබෝධනී මෙහි 25 වන ස්ථානය දක්වා ස්ථාන 2කින් පසුබැස තිබෙනවා.

එමෙන්ම සුගන්දිකා කුමාරි මෙම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4ක් පසුබැස තිබෙන බව ICCය සඳහන් කළා.

ඒ අනුව ඇය එහි මේ වන විට රැදී සිටින්නේ 29වන ස්ථානයේයි.


(colombotimes.lk)