29 January 2026

logo

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේම රෝහල් ගත කරයි



TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

60 දෙනෙකුට ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බවයි සඳහන් වන්නේ.

මෙම පිරිසෙන් 57ක් රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

ByteDance ද පවසා ඇත්තේ තම සේවකයින් අසනීප වීමට හේතුව කුමක්ද යන්න සොයා බලන බවයි.

(colombotimes.lk)