01 July 2025

logo

තරුෂි අභිෂේකා වාර්තාවක් අලුත් කරයි



මෙවර සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේදී තරුෂි අභිෂේකා විසින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඇය විසින් මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ මීටර 1500 ධාවන තරගය විනාඩි 4යි තත්පර 29කින් අවසන් කරමින්.

එම ඉසව්ව විනාඩි 4යි තප්පර 35කින් අවසන් කරමින් මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ 1985 වසරේදී ධම්මිකා මැණිකේ ක්‍රීඩිකාව විසින් බවයි වාර්තා වන්නේ.

වසර 39කට පසුව තරුෂි අභිෂේකා විසින් එම වාර්තාව මෙලෙස බිඳ හෙළීමට සමත් වුණා.


(colombotimes.lk)