05 February 2026

logo

අද ගිගුරුම් සහිත වැසි - එළියට යන්නේ පරිස්සමෙන්



බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද(25) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (30-40) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිබව එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වෙනවා.
 
(colombotimes.lk)