11 August 2025

logo

ඉරාන ජනාධිපතිවරණයේ දෙවන දවස අද



ජුනි 28 පැවති ඉරාන මැතිවරණයට සියයට 60කට වැඩි පිරිසක් සිය ඡන්දය දැමීමෙන් වැළකී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම මැතිවරණය දෙවන වරට අද දිනයේදී පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හෙලිකොප්ටර් අනතුරකින් හදිසියේ ජීවිතක්ෂයට පත්වූ ඊබ්‍රහම් රයිසිගේ මරණයෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා පත් කරගැනීමට මෙම මැතිවරණය පැවැත්වෙන බවයි.
(colombotimes.lk)