11 August 2025

logo

රන් පතලේ ඛේදවාචකය



ඉන්දුනීසියාවේ රන් පතලක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තවත් පුද්ගලයින් 19 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි සඳහන් වන්නේ.

එරට සුළවිසි දූපත් ප්‍රදේශයේ පිහිටි රන් පතලක එම නායයෑම සිදුව ඇති බව සඳහන්.

නීතිවිරෝධී පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙක් මෙලෙස නායයෑමට හසුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 5 දෙනෙක් දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)