12 January 2026

logo

වනිඳු ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට



T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් ඊයේ (09) නිවේදනය කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල වනිදු හසරංග 6වන ස්ථානය දක්වා එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.

මීට පෙර ඔහු රැදී සිටියේ මෙම ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයේයි.

මේ අතර ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍යා මෙහි 04වන ස්ථානයට පත් වී තිබෙනවා.

ඒ ඔහු 07වන ස්ථානයේ සිට් ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

කෙසේ වෙතත් T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගැනීමට එංගලන්තයේ  Liam Livingstone සමත් වී තිබෙනවා.

(colombotimes.lk)