03 April 2025

INTERNATIONAL
POLITICAL


වනිඳුට ඉතිරි තරග අහිමි වෙයි



ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ 10 වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් සිදු කරන ලද MRI පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇති බව සඳහන්.

ඒ අනුව හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)