03 November 2025

logo
INTERNATIONAL
POLITICAL


චමරිට දෙවැනි වූ විශ්මිගේ ශතකය



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

චමරි අතපත්තුගෙන් පසු මෙරට ක්‍රීඩිකාවක් රැස් කළ පළමු එක්දින ශතකට හිමිකම් කියමින් ඇය වාර්තා අතරට එක් වුණා.

 
 
(colombotimes.lk)