05 February 2026

logo

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි



නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව පවසනවා. 

එමෙන්ම නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බව ද ඒමේ නිවේදනයේ සඳහන්. 
 
සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. 
 
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)