05 February 2026

logo

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි



අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එහි සඳහන්. 
 
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. 
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. 
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදැසන කාලයදී ද වැසි ඇතිවිය හැකියි. 
 
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
(colomobtimes.lk)