28 October 2025

logo
INTERNATIONAL
POLITICAL


අදත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි



බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 
 
නැගෙනහිර පළාතතේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ සිට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එහි සඳහන්. 
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)