05 February 2026

logo

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි



නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුර, උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එහි සඳහන්. 
 
අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක තද වැසි ඇති විය හැකියි. 
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා.
(colombotimes.lk)