06 July 2025

logo

සවස් කාලයේදී කාලගුණය දරුණු වෙයි



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මධ්‍යම සහ ඌව පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි හේතුවෙන් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)