03 April 2025

INTERNATIONAL
POLITICAL


කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි



2024 කාන්තා T20 ආසියානු කුසලානය අද (19) ආරම්භ වනවා.

මෙම තරගාවලියේ තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර එම තරග සියල්ල ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පස්වරු 2.00ට නේපාල කාන්තා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.  

එමෙන්ම තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රී 7.00ට පැවැත්වෙනවා.  

ඒ පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට රාත්‍රී 7.00ට බංගලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)