09 July 2025

logo

Women's T20 Asia Cup | සිංහධේනුවන්ට ලකුණු 166ක ඉලක්කයක්



2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතරයි.

එම තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 166ක ඉලක්කයක් හිමි වනවා.

(colombotimes.lk)