03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්



මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සමිත දුලාන් F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්වී තිබෙනවා.

එහිදී මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් වීමක් සිදු වී තිබෙනවා.

මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඕස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමි කරගෙන තිබෙනවා.

සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.

(colombotimes.lk)