03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයට දින නියම වෙයි




2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය පැවැත්වෙන දිනයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (03) නිවේදනය කළා.

එම තරගය 2025 ජූනි 11 සිට 15 දක්වා ලන්ඩන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ජුනි 16 සංචිත දිනයක් ලෙස වෙන්කර තිබෙනවා.

2021 වසරේදී ලෝක ටෙස්ට් ශූරතාවය නවසීලන්තය දිනාගත් අතර 2023 වසරේ ලෝක ටෙස්ට් ශූරතාවය දිනා ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවයි.

2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල පෙරමුණේ රැඳී සිටින කණ්ඩායම් දෙක අතරයි.

මේ වන විට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව පළමු ස්ථානය සහ ඕස්ට්‍රේලියාව 2වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට මේ වන විට හිමි වී තිබෙන්නේ 05වන ස්ථානයයි.

 
(colombotimes.lk)