03 April 2025

INTERNATIONAL
POLITICAL


එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු සංගක්කාර වෙයිද?



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අපේක්ෂකයෙක් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුමාර් සංගක්කාරට අමතරව Mike Hussey, Jonathan Trott සහ Andrew Flintoff යන අයද ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින බවයි.

මේ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Matthew Mott ලබන සතියේ සිය ඉවත්වීමට තහවුරු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)