ශ්රී ලංකා මළල ක්රීඩිකා තරුෂි කරුණාරත්න අද (02) පැරිස් ඔලිම්පික් බිමේ තරග වැදීමට නියමිතව තිබෙනවා.
මෙය ඇයගේ පළමුවන ඔලිම්පික් තරගය වන අතර මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ඇය තරග වැදීමට සූදානම්.
ඇය සහභාගී වන මීටර් 800 තරග ඉසව්ව රාත්රී 11.15ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඇය සහභාගී වන්නේ මීටර 800 මූලික වටයේ heat 06 වන තරගයට වන අතර එය රාත්රී 12.00ට පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)