19 January 2026

logo

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට විශිෂ්ට තැනක්



දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය 11 වනදා සිට ඊයේ (13) දක්වා ඉන්දියාවේ ජවහල්ලානේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී විවිධ ඉසව් නියෝජනය කරමින් රන් , රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

ඒ අනුව රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සමඟින් සමස්ථ පදක්කම් 35ක් හිමි කරගැනීමට ඔවුන් සමත් වුණා.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරයන් බවට පත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.

ඒ රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟින් සමස්ථ පදක්කම් 48ක් දිනා ගනිමින්.

(colombotimes.lk)