16 September 2025

logo
INTERNATIONAL
POLITICAL


හෙට කාලගුණයට සිදුවන දේ මෙන්න



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කළා.

එමෙන්ම හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

(colombotimes.lk)