29 January 2026

logo

ඊශ්‍රායලයට යළිත් රතු එළි



හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ජීවිතක්ෂයට පත් වීමත් සමඟ හමාස් සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

සටන නව මානයකට ගෙන යන අතර ඒ හරහා ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාකය, තුර්කිය, රුසියාව සහ කටාර් ඇතුළු රටවල් කිහිපයක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

(colombotimes.lk)