10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් බෙදා අවසන්



එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වන විට ජනතාව වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ විශේෂ බෙදාහැරීම් සිදු කළ ඊයේ (08) දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් ජනතාව වෙත බෙදාහැරුණු බවයි.

තැපැල්කරුවන් 8,000ක් මේ සඳහා යොදවා තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)