28 October 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 
 
ඒ පහත ප්‍රදේශ සඳහායි... 
 
  1. බදුල්ල දිස්ත්‍රික්කය - හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (දෙවන මට්ටමේ නිවේදනයක්) 
  2. කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය 
  3. හම්බන්තොට දිස්ත්‍රික්කය - කටුවන වලස්මුල්ල, බෙලිඅත්ත සහ ඔකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 
  4. මහනුවර දිස්ත්‍රික්කය - උඩදුම්බර, උඩුනුවර , යටිනුවර සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (පළමු මට්ටමේ නිවේදනයක්) / තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයක්. 
  5. කෑගල්ල දිස්ත්‍රික්කය - මාවනැල්ල අරණායක සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (පළමු මට්ටමේ නිවේදනයක්) / කෑගල්ල වරකාපොළ සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා (දෙවන මට්ටමේ නිවේදනයක්) 
  6. කුරුණෑගල දිස්ත්‍රික්කය - අලව්ව,පොල්ගහවෙල,රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම කොට්ඨාස 
  7. මාතර දිස්ත්‍රික්කය - කොටපොළ, කඩවත් සතර. පිටබැද්දර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන, අතුරලිය,වැලිපිටිය,හක්මන,කිරින්ද පුහුල්වැල්ල,අකුරැස්ස, වැලිපැන්න,දෙවිනුවර,දික්වැල්ල සහ පස්ගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස
  8. රත්නපුර දිස්ත්‍රික්කය - අයගම, කිරිඇල්ල,පැල්මඩුල්ල, කහවත්ත සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (පළමු මට්ටමේ නි‌වේදනයදක් ) / ඉඹුල්පේ, වැලිගෙපොළ, ගොඩකවෙල, ඇලපාත,ඇහැලියගොඩ, කලවාන,කොලොන්න, බලංගොඩ,ඔ්පනායක,රත්නපුර සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (දෙවන මට්ටමේ නිවේදනයක්) 
 
මෙම නිවේදනය අද 11 වනදා පස්වරුව දක්වා බලපැවැත්වෙන බවයි එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)