01 July 2025

logo

ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ



දිස්ත්‍රික්ක හයක, ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

ඒ අනුව බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කර තිබෙනවා. 
 
අද (13) සවස 3.00 දක්වා බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
(colombotimes.lk)